එජාප සහ ජවිපෙ සාමාජිකයින් පිරිසක් ශ්‍රීලනිපයට
- RSL
- November 16, 2017
- උණුසුම් පුවත්, දේශපාලන
- Maithripala Sirisena, President Maithripala Sirisena, SLFP
- 0 Comments
ජනතා විමුක්ති පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිමුතු අබේකෝන් මහතා ඇතුළු මහනුවර මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (15) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක් විය.
මහනුවර ජනාධිපති මන්දිරයේදී මෙම හමුව සිදුවූ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රට වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළට සිය උපරිම සහය පළ කරන බව ඔවුහු ප්‍රකාශ කළහ.
මධ්‍යම පළාත් අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා සමග පැමිණ මෙම පිරිස ජනාධිපතිතුමා හමුවූ අතර, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

