දොස් දැනගන්න එජාප මන්ත්‍රීවරු ජනපති හමුවට
- RSL
- November 10, 2017
- උණුසුම් පුවත්, දේශපාලන
- Maithripala Sirisena, President Maithripala Sirisena
- 0 Comments
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමට දොaෂාරෝපණය කරන ආණ්‌ඩු පක්‌ෂයේ පිරිස් කවුරුන්දැයි හෙළි කර ගැනීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට එක්‌සත් ජාතික පක්‌ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇත.
බැඳුම්කර කොමිසම පත් කිරීම සම්බන්ධයෙන් දොස් කිව්වේ කවුද? ඒ කවදාද? කොතැනදීද? පැහැදිලි කර ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා ජනාධිපතිවරයා හමුවීමට දිනයක් හා වෙලාවක් ඉල්ලා මේ සතියේදීම ලිපියක් යොමු කරන බවත් එක්‌සත් ජාතික පක්‌ෂ මන්ත්‍රී චමින්ද විඡේසිරි මහතා පවසයි.
මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවර්ෂ පූර්ණ ගුණ සමරුවේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම කරුණු පැහැදිලි කර ගැනීම එජාප මන්ත්‍රීවරුන්ගේ අපේක්‌ෂාව වේ.
කෙසේ වෙතත් මීට සති දෙකකට පෙර ජනාධිපතිවරයා හමු වූ අවස්‌ථාවේදී ඔහු එවැනි කාරණයක් හෙළි නොකළ බවත් හදිසියේම සිදු කළ මෙම ප්‍රකාශය ගැන සත්‍ය දැන ගැනීම අත්‍යවශ්‍ය බවත් චමින්ද විඡේසිරි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීවේය.

