රටම බලාගෙන සිටින සයිටම් ගැන රජයේ තීරණය සිකුරාදා
- Editor
- October 26, 2017
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අද ප්‍රකාශයට පත් කිරීමට නියමිත ව තිබූ මාළඹේ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය සම්බන්ධ රජයේ තීරණය ලබන සිකුරාදා ප්‍රකාශයට පත් කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා කියයි.
මෙහිදී සයිටම් ආයතනය රජයේ වෛද්‍ය පීඨයක් බවට පත් කිරීමට වඩා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතිගත වෛද්‍ය විද්‍යාලයක් ලෙස යළි ස්ථාපිත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වන ඇතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

