ඇමරිකාව යුනෙස්කෝවෙන් ඉල්ලා අස්වෙයි
- RSL
- October 14, 2017
- විදේශීය
- United State of America
- 0 Comments
ඇමරිකානු රජය යුනෙස්කෝ සංවිධානයෙන් ඉවත් වී ඇත. මෙයට හේතු වී ඇත්තේ යුනෙස්කෝ ආයතනය පලස්තීනයට සාමාජිකත්වය ලබාදීමයි.
ඇමරිකානු රාජ්ය ලේකම් රෙක්ස් ටිලර්සන් ඇමරිකාවේ මෙම තීරණය යුනෙස්කෝ බලධාරීන්ට දන්වා ඇත. යුනෙස්කෝ සංවිධානයට ඇමරිකාව විසින් ලබාදීමට නියමිත ඩොලර් මිලියන 550 ක මුදල ද මෙතෙක් ලබාදී නොමැත.
ඊශ්රායලය සම්බන්ධයෙන් ඒකපාක්ෂික ක්රියාමාර්ගයක් අනුගමනය කිරීමට යුනෙස්කෝ ආයතනය ක්රියා කර ඇති බවට ඇමරිකාව චෝදනා කර ඇත.

