ග්‍රාම නිලධාරිනිය දූෂණය කළ රත්තොට OIC අත්අඩංගුවට
- RSL
- October 12, 2017
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Police, Rape Case, Sri Lanka Police
- 0 Comments
උඩුදුම්බර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියකට මරණීය තර්ජන එල්ල කර ඇය දූෂණයට ලක් කළ බව කියන රත්තොට පොලිසියේ ස්ථානාධිපතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් ඊයේ (11) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර පොලිස් පරීක්ෂකවරයා උඩුදුම්බර පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ඉකුත් අප්‍රේල් මස 9 වැනිදා එම ග්‍රාම නිලධාරිනිය දූෂණයට ලක් කර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.
දෙදරු මවක වන මෙම ග්‍රාම නිලධාරිනිය සැකකාර පොලිස් පරීක්ෂකවරයා දූෂණයට ලක්කිරීමෙන් පසු මේ පිළිබඳව හෙළි නොකරන ලෙස ඇයට මරණීය තර්ජන කර ඇති බව ද විමර්ශනවලින් අනාවරණය විය. අතවරයට ලක් වූ ග්‍රාම නිලධාරිනිය මාස 6 ක් තිස්සේ මේ පිළිබඳව කිසිවකුටත් හෙළිකර නොමැති අතර, එම නිලධාරියා උඩුදුම්බර පොලිසියෙන් රත්තොට පොලිසියට මාරු වී ගිය පසු ඇය මේ පිළිබඳව සිය සැමියාට පවසා ඇත.
පසුව අතවරයට ලක් වූ ග්‍රාම නිලධාරිනිය සහ ඇගේ සැමියා මේ පිළිබඳව පොලිසිය වෙත පැමිණිලි කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලිස් විශේෂ විමර්ශන ඒකකය සැකකාර නිලධාරියා ඊයේ (11) දහවල් කොළඹට කැඳවා ඔහුගෙන් ප්‍රකාශ ලබා ගත්තේය.
පසුව ඊයේ (11 දා) රාත්‍රි සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මහනුවරට රැගෙන යන ලදී.
පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මෙවන් සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් පරීක්ෂණ පැවැත්වේ.

