සංගාගේ ලෝක පිලෙන් මහේලව ඉවත් කරයි
- RSL
- September 28, 2017
- ක්‍රීඩා
- Cricket, Kumara Sangakkara, Mahela Jayawardana, Sri Lanka Cricket
- 0 Comments
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සහ සුපිරි පිතිකරුවකු වන කුමාර් සංගක්කාර මේ දිනවල සිය පළමු පෙළ අවසන් තරගයට සහභාගි වෙමින් සිටියි. ඒ අතරවාරයේදී ඔහුගේ ලොව සදාතනික ක්‍රිකට් කණ්ඩායම නම් කර ඇති අතර එම කණ්ඩායමට ඔහුගේ හොඳම මිතුරා වන මහේල ජයවර්ධනටද ස්ථානය අහිමිව තිබේ.
“අංක පහ ස්ථානයට අරවින්ද ද සිල්වා සහ මහේල ජයවර්ධන දෙදෙනා අතින් කෙනෙකු ගලපා ගැනීමත් අමාරු වුණා. මොකද මොවුන් දෙදෙනාම ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවන්. නමුත් ඒ ස්ථානයට මම අරවින්දව නම් කළා.”යැයි සංගා පවසයි.
එසේම් එම කණ්ඩායමට ලොව ටෙස්ට් සහ එක්දින වැඩිම ලකුණු ලාභියා වූ සචින් ටෙන්ඩුල්කාර් ඇතුළත්ව නොමැත.
“හැම කෙනෙක්වම ගලපන්න බැහැ. සචින්ට වඩා ෂෙවාර්ග් හොඳ වෙන්නත් පුළුවන්. නමුත් ෂෙවාර්ග් ඉවත් කිරීමත් අපහසු වුණා. මේ හැම කෙනාටම වැඩිය අනාගතයේදී විරාට් කෝලි හොඳ වෙයි. නමුත් මේ අවස්ථාවේ ඔහු නැහැ.” යෑයි සංගක්කාර අදාළ සංචිතය නම් කිරීමෙන් පසු පවසා තිබේ.
ලෝකයේ තමා දැකපු හොඳම දඟ පන්දු යවන්නන් දෙදෙනා වශයෙන් මුත්තයියා මුරලිදරන් සහ ෂේන් වෝන්ට සිය සදාතනික කණ්ඩායමේ ස්ථානය හිමිව තිබේ. 11 වැනි ස්ථානයට චමින්ද වාස් සහ ග්ලෙන් මැක්ග්‍රාත් දෙදෙනා අතරින් වාස්ව තෝරාගත් බවද සංගක්කාර පවසයි.
සංගක්කාරගේ සදාතනික ලෝක කණ්ඩායම මෙසේයි.
මැතිව් හේඩ්න්, රාහුල් ඩ්‍රාවිඩ්, බ්‍රයන් ලාරා, රිකී පොන්ටින්, අරවින්ද ද සිල්වා, ජැක් කලීස්, ඇඩම් ගිල්ක්‍රිස්ට්, ෂේන් වෝන්, වසීම් අක්රම්, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්

