රටින් පිට කිරීමට ගිය ඉතිහාසයේ විශාලතම මුදල් තොගය කටුනායකදී අල්ලයි

Spread the love

මෑත ඉතිහාසයේ රටින් පිට කිරීමට ගිය විශාලතම මුදල් තොගය ශ්‍රී ලංකා රේගුව විසින් කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් කෝටි 8කට අධික වටිනාකමින් යුත් දේශීය හා විදේශීය මුදල් නෝට්ටු තොගයක් සමග ශ්‍රී ලාංකික යුවලක් ශ්‍රී ලංකා රේගුව විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

කටුනායක ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා සඳහන් කළේ, මෙම මුදල් තොගය ඩුබායි බලා රැගෙන යාමට උත්සාහ කිරීමේදී හසු වී ඇති බව ය.