ඇමැති දයාසිරිගෙන් ක්‍රිකට් තේරීම් කමිටුවට ඉලක්‌කයක්..
- RSL
- September 20, 2017
- ක්‍රීඩා
- Dayasiri Jayasekara, Sports, Sri Lanka Cricket
- 0 Comments
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්‌ඩායමේ නව තේරීම් කමිටුව ඊයේ (29 දා) ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සමග සාකච්ඡාවක නිරත වූ අතර එහිදී ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යැම සඳහා නව ඉලක්‌කයක් ග්‍රැහැම් ලැබ්බ්‍රොඅයිගේ තේරීම් කමිටුව වෙත ලබාදී තිබේ.
ඉකුත් තේරීම් කමිටුවෙන් සිදුවූ අතපසුවීම් සහ වර්තමානයේ ශ්‍රී ලංකා කණ්‌ඩායම ලබන පරාජයන් වැලෙන් ගොඩ ඒම සඳහා සාධාරණ තේරීම් කරමින් ස්‌වාධීනව කටයුතු කිරීමට ඇමැතිවරයා විසින් නව තේරීම් කමිටුව උපදෙස් ලබාදී ඇත. එමෙන්ම 2019 ලෝක කුසලාන සඳහා සුදුසු කණ්‌ඩායම සකස් කිරීමේ වගකීමද නව තේරීම් කමිටුවට භාරවී තිබේ.
ග්‍රැහැම් ලැබ්බ්‍රොඅයිගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුවේ නව සාමාජිකයන් වශයෙන් ගාමිණී වික්‍රමසිංහ, ජෙරී වවුටර්ස්, සජිත් ප්‍රනාන්දු සහ අසංක ගුරුසිංහ යන අයගෙන් සමන්විත වේ.
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විනය සම්බන්ධයෙන් මෙන්ම ශාරීරික යෝග්‍යතා සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන ලෙසත් ක්‍රීඩා ඇමැතිවරයා තේරීම් කමිටුවට වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.
නව තේරීම් කමිටුව නිල වශයෙන් පත්වීම් ඊයේ ලැබූ අතර ඔවුන්ගේ ප්‍රධාන කර්තව්‍ය බවට පත්ව ඇත්තේ පකිස්‌තානය සමග පැවැත්වෙන ටෙස්‌ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය ඉදිරි දින දෙක ඇතුළත නම් කිරීම වේ. ශ්‍රී ලංකා කණ්‌ඩායම ලබන 24 වැනිදා පකිස්‌තානය බලා පිටත්ව යැමට නියමිතය.
ග්‍රැහැම් ලැබ්බ්‍රොඅයි 1986/1991 වකවානුවේ ශ්‍රී ලංකාව නියෝජනය කළ දක්‍ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. ඔහු ටෙස්‌ට් තරග නවයකදී පිතිකරුවකු ලෙස එක් අර්ධ ශතකයක් සමග ලකුණු 158 ක් සහ කඩුලු 27 ක් දවාගෙන තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යැමෙන් පසු ලැබ්බ්‍රොඅයි තරග තීරකවරයකු සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ සාමාජිකයකු වශයෙන්ද ක්‍රියාකරමින් අත්දැකීම් ලබා තිබේ.

