රතුපස් වල සිද්ධිය යට ගැසීමේ තවත් සැලැස්මක්!
- RSL
- September 20, 2017
- පුවත් සහ වාර්තා, විමර්ශන
- Gotabaya Rajapaksa, Rathupaswala
- 0 Comments
පැවති මහින්ද රාජපක්ෂ රජයේ ආරක්ෂක ලේකම්වරයාව කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂගේ නියෝග යටතේ සිදු වූ බව කියන ජලය ඉල්ලූ රතුපස්වල ජනතාවට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව රස පරීක්ෂකරවරයා වෙත යැවූ ගිනි අවි 40 පාවිච්චි කර නොමැති බවට රජයේ රස පරීක්ෂකවරයා දන්වා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20) අධිකරණයට දන්වා ඇත.
මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටින යුද හමුදා සාමාජිකයින් දෙදෙනා ලබන 04 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත කන්නංගර මහතා නියෝග කර තිබේ.
මෙම ඉලක්ක ගත වෙඩි තැබීමෙන් පාසල් සිසුන් ඇතුළු තරුණයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පිරිසකට තුවාල සිදු විය.

