ශතකයකට පසු පෘථිවියට ළඟාවන විශාලතම ඇස්ටරොයිඩය

Spread the love

විශාල ඇස්ටරොයිඩයක් (Asteroid) පෘථිවිය පසු කර යාමට නියමිත බව නාසා ආයතනය පවසයි. නාසා ආයතනය පවසන පරිදි ශතකයකට අධික කාලයකට පසු පෘථිවිය පසු කර යන විශාලතම ඇස්ටරොයිඩය (Asteroid) එයයි.

එම ඇස්ටරොයිඩය සාපේක්ෂ වශයෙන් පෘථිවියට කිලෝමීටර ලක්ෂ හැත්තෑවකට ආසන්න දුරකින් ගමන් කරනු ඇති බව එම ආයතනය කියා සිටියේය.

ෆ්ලෝරන්ස් නමැති ඇස්ටරොයිඩයේ විෂ්කම්භය කිලෝමීටර 4.4 කි. තවත් සියවස් ගණනාවක් යන තෙක් ඉන් පෘථිවියට තර්ජනයක් නොමැත.

ඇස්තමේන්තු අනුව පෘථිවිය සමීපයෙන් ගමන් කළ වෙනත් ඇස්ටරොයිඩ ප්‍රමාණයෙන් කුඩා ඒවාය.

-බී.බී.සි-