විදේශ සේවා නියුක්‌තිකයන් එවන මුදල් 15.6% කින් අඩු වෙලා
- RSL
- July 18, 2017
- ආර්ථික සහ ව්‍යාපාරික
- 0 Comments
විදේශ සේවා නියුක්‌තිකයන් ඉකුත් අප්‍රේල් මාසයේදී එවන ලද ප්‍රේෂණ ප්‍රමාණය සියයට 15.6 කින් පහත වැටී ඇත.
මේ අනුව ගිය වසරේ (2016) අප්‍රේල් මාසයේදී ලද ඇමරිකානු ඩොලර් මිලියන 578 ක විදේශ සේවා නියුක්‌ති ප්‍රේෂණ ප්‍රමාණය මේ වසරේ (2017) අප්‍රේල් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 487.9 ක් දක්‌වා පහත වැටී ඇතැයි මහ බැංකුව පවසයි.
මැද පෙරදිග කලාපයේ පවතින අහිතකර ආර්ථික හා දේශපාලනික තත්ත්වය ද මෙසේ විදේශ සේවා නියුක්‌තිකයන්ගේ ප්‍රේෂණ මත තවදුරටත් අහිතකර ලෙස බලපා ඇත.
