කුප්‍රකට සයිටම් නෙවිල් ජනාධිපති කාර්යාලයේ සිට ජනපතිට තඟ දමයි (Video)
- RSL
- June 27, 2017
- පුවත් සහ වාර්තා
- Maithripala Sirisena, Nevil Fernando, news, reports, SAITM
- 0 Comments
සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ මුදලාලි තැන්පත් කුප්‍රකට නෙවිල් ප්‍රනාන්දු නැමැත්තා අද (27) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට යැ’යි පැමිණ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සිට මාධ්‍ය මඟින් ජනාධිපතිවරයාට තඟ දමමින් තුට්ටු දෙකේ පාදඩ මැරයෙකු ලෙස හැසිරෙන අයුරු සියලු රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශනය විය.
මෙහිදී ජනාධිපතිවරයාගේ නියෝග තමන් පිළිනොගන්නා බවත්, එම නීති තමාට අදාළ නොවන බවත්, සයිටම් විරෝධී වෛද්‍යවරු මුහුදේ ගිල්ලවා මරා වැලි වලින් වසා වලදමන බවටත් මෙම පාදඩ සයිටම් නෙවිල් මැරයා ප්‍රසිද්ධියේ පැවසීය.
මේ නෙවිල් ප්‍රනාන්දු නොහොත් සයිටම් නෙවිල් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සිට ජනාධිපතිවරයාට අවමාන වන ආකාරයෙන් මැරයෙකු ලෙස තඟ දැමූ ආකාරයයි.