නව ජවයක් සමඟින් රටේ ඉදිරි ගමන සඳහා කැබිනට් සංශෝධනය සිදුකළ බව ජනපති කියයි
- RSL
- May 22, 2017
- පුවත් සහ වාර්තා
- Cabinet, news, reports
- 0 Comments
අමාත්‍ය මණ්ඩල සංශෝධනය සමඟ එය ශ්‍රී ලංකාවේ සංවර්ධනයට නව ජවයක් ලබා දෙනු ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිතුමා සිය ට්විටර් පිටුවේ සටහනක් තබමින් මේ බව සදහන් කර ඇත.
මේ අතර නව කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යාංශ 09 ක් සහ එක් රාජ්‍ය අමාත්‍යාංශයක් සඳහා නව අමාත්‍යවරු අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන් අතර, එහිදී අදහස් දක්වමින් ජනාධිපතිතුමා කියා සිටියේ නැවුම් බලාපොරොත්තුවකින් යුතුව රටක් ලෙස ඉදිරියට යාමට කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදුකළ බව ය.
ඒ අනුව රටේ අභිවෘද්ධිය සඳහා කැපවන්නැයි නව අමාත්‍යාංශ භාරගත් සියලු අමාත්‍යවරුන්ගෙන් තමා ඉල්ලා සිටින බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
මිත‍්‍රශිලිව සහ කැපවීමෙන් කටයුතු කරමින් රටේ අභිවෘද්ධිය සඳහා වූ සාමුහික වගකීම ඉටුකිරීමට එක්වන ලෙස මෙහිදී නව අමාත්‍ය ධූර ලැබූ සියලු ඇමතිවරුන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි ජනාධිපතිතුමා සමාජය සහ රට වෙනස් කළ හැක්කේ මිනිසාගේ යහපත් වෙනස්වීම තුළින් බව ද පෙන්වා දුන්නේය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහ ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.