ඇමතිවරුන්ට සැප ගන්න තවත් කෝටි ගාණක්
- RSL
- March 27, 2017
- පුවත් සහ වාර්තා
- news, reports
- 0 Comments
ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් නව දෙනෙකුට නව වාහන මිලදී ගැනිම සඳහා රුපියල් තිස්හත් කෝටි දසලක්ෂ අනුහත් දහසක (රු. 371,097,000) මුදලක් ඉල්ලා පාර්ලිමේන්තුවේදී පරිපුරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබේ.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙය ඉදිරිපත් කරන ඇත.
මේ අතර පසුගිය පාර්ලිමේනතු සතියේද පාර්ලිමේන්තුවට ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරමින් රුපියල් කෝටි 54ක් මුදලක් ඉල්ලා සිටි අතර ඊට පෙරද රුපියල් කෝටි 79ක සහ රුපියල් කෝටි 118ක මුදලක්ද වාහන මිලදී ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තු මගින් වෙන් කරගෙන තිබිණ.