බලයට එන්න 2020 මහ ඡන්දය හැර කෙටි පාරවල් නෑ

Spread the love

බලය වෙනුවෙන් අරගල කරන කිසිවෙකුටත් 2020 පසුව එන මැතිවරණයකදී මිස වෙනත් විකල්ප ක්‍රම වලින් ඒ සඳහා ළඟා විය නොහැකි බවත් රට කරවන්නට බහුතර ජනතා කැමැත්ත හිමි විය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. සියලූදෙනා එක්ව සටන් කළ යුත්තේ බලය සඳහා නොව රට ගොඩනඟමින් ජනතා ගැටලු සඳහා තිරසර විසඳුම් ලබා දීමට යැයිද ජනාධිපතිවරයා අනාවරණය කළේය.

දේශපාලන අරමුණු වෙනුවෙන් සටන් කළ යුත්තේ මැතිවරණ සමයන්හිදී බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජනතා කැමැත්තෙන් තේරී පත්වූ නව රජයට ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීමට සියලු දෙනා සහාය දිය යුතු බවද පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා මෙය අවස්ථාවක් නොවන බවද පැවසීය.

ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ මොනරාගල කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට පෙරේදා(28) එක් වෙමිනි.

ඌව වෙල්ලස්ස යළි කෘෂිකර්මාන්තයෙන් සශ්‍රීක කරමින් එහි ජනතාවගේ ජීවිත සමෘද්ධිමත් කිරීම සඳහා රුපියල් මිලියන 31,000 ක වියදමින් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

මොනරාගල, බුත්තල, සියඹලාණ්ඩුව ප්‍රදේශවල ජනතාවට මෙමඟින් ප්‍රතිලාභ හිමිවන අතර පවතින වඟා බිම් අක්කර 3100 ක් සංවර්ධනය කිරීම, නව වගා බිම් අක්කර 10,315 ක් අස්වැද්දීම, වාර්ෂිකව ගිගාවොට් පැය 16 ක ජල විදුලි උත්පාදනයක් ඇතිකිරීම ද මෙමඟින් අපේක්ෂා කෙරේ.

මොනරාගල, බුත්තල ප්‍රධාන මාර්ගයේ කුඹුක්කන් අමුණ පරිශ්‍රයේදී ව්‍යාපෘතියේ කටයුතු ජනාධිපතිවරයාගේ සුරතින් ආරම්භ කෙරුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා “ ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරමින් රටේ කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට අවශ්‍ය වැඩපිළිවෙළ රජය මේ වන විට ක්‍රියාත්මක කරන තිබෙනවා. ඒ යටතේ කුඩා හා මධ්‍ය පරිමාණ වැවි ප්‍රතිසංස්කරණය මෙන්ම නව වාරි යෝජනා ක්‍රම රාශියක් ආරම්භ කිරීමට ද කටයුතු කර තිබෙනවා.

දැවැන්ත වාරි යෝජනා ක්‍රම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් ඉඩම් අහිමිවන ජනතාව ආර්ථික වශයෙන් නඟා සිටුවමින් ඔවුන් නැවත පදිංචි කිරීමේ කටයුතු ද රජයක් ලෙස විධිමත් අයුරින් සිදු කරනවා.

RSL

Related Posts