බැඳුම්කර වංචාව සෙවීමට ජනාධිපති කොමිසම නම් කෙරේ
- RSL
- January 28, 2017
- පුවත් සහ වාර්තා
- Bond scam, news, reports
- 0 Comments
මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව විමර්ශන සහ පරීක්ෂණ පැවැත්වීම පිණිස පත්කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිසම නම් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කංකානි තන්ත‍්‍රි චිත‍්‍රසිරි, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රසන්න සුජීව ජයවර්ධන සහ විශ‍්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එම කොමිසමේ සාමාජිකයන් වශයෙන් පත්කරන ලද බවයි.
මාස තුනක් ඇතුලත කොමිසමේ පරීක්ෂණ අවසන් කොට වාර්තාව භාරදීමට නියමිතයි.
බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා සහ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාවද වෙන වෙනම පරීක්ෂණ පවත්වා වාර්තා නිකුත් කළහ.