දූෂණ වංචා සෙවූ NGOවක මූල්‍ය වංචා එළියට පනී
- RSL
- January 16, 2017
- පුවත් සහ වාර්තා
- news, reports, transparency international sri lanka
- 0 Comments
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයට යුරෝපා සංගමයෙන් ලැබෙන මූල්‍යාධාර අයථා ලෙස භාවිත කර ඇතැයි එම ආයතනය රැකගැනීමේ කමිටු සාමාජික පිරිස එහි සභාපති නීතිඥ ලක්ෂාන් ඩයස් මහතාට ලිපියක් යොමුකරමින් කියා සිටී.
අල්ලස් හා දූෂණ විරෝධී රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ශ්‍රී ලංකාවේ කටයුතු කරන ට්‍රාන්ස්පේරන්සි ආයතනයේ උසස් නිලධාරිනියක සහ තවත් උසස්ම නිලධාරියකුගේද සහාය ඇතිව රුපියල් ලක්ෂ 11ක මූල්‍ය වංචාවක් කර ඇතැයි ද ඔවුහු කියා සිටිති.
මෙම සමස්ත වංචාව ඉතාම සැළසුම්සහගතව කරන ලද්දක් බව දැනට හෙළිදරව් වී ඇති තොරතුරු අනුව පෙනෙන බවත් මේ ගැන මීට පෙර අධ්යක්ෂ මණ්ඩලය දැනුවත්කර තිබියදීත් එය වැළැක්වීමට නොහැකිවී ඇත්තේ ඇතැම් නිලධාරීන්ගේ දැඩි බලපෑම් නිසා බවටද චෝදනා එල්ලවී ඇත.
-ලංකාදීප-