එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඊයේ (17 අගෝ.) පස්වරුවේදී යළිත් රැස්විය.
මෙහිදී පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කර සිටියේ පක්ෂ නායකත්වයට කිසිවෙකුට අභියෝග කළ නොහැකි බවත් කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් නායකත්වයේ බලතල පුළුල් කර ඇති බවත්ය. එමෙන්ම පක්ෂයේ විනය කඩකරන ඕනෑම අයකුට විනිය නීති ක්‍රියාත්මක වනු ඇති බවටත් ඔහු ප්‍රකාශ කළේය.
අලුත්වැඩියාවක් සඳහා මාර්ගයක් වසා තිබුණත් ඊයේ පස්වරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට පැමිණි නියෝජිතයින්ගේ වාහනවලට සිරිකොතට පිවිසීම සඳහා ඉඩ ලබා දී තිබුණි.