නව පක්ෂය හැදෙන්නේ, බැසිල් වංචා කළ රු. මිලියන 2990න් ද?

Spread the love

Basil-Rajapaksa

රුපියල් මිලියන 2990ක් යනු, ලක්ෂ 29900 කි. එනම්, රුපියල් 2990000000.00 කි. ශ්‍රී ලංකා ඉතිහාසයේ කුප්‍රකට ම මහා වංචනිකයා ලෙස බැසිල් රාජපක්ෂ ඉතිහාසගත වනු ඇත. මේ මුදල් වංචාව කර ඇත්තේ ඉකුත් ආණ්ඩු සමයේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ දිවි නැගුම දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක කළ “ඉසුරුමත් නිවහනක්” නම් වැඩසටහන හරහා ය.

ජනපති මහින්දගේ ආදරණීය සොයුරු බැසිල් හා සමඟ මේ පිසාච සොරකමට ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් නිහාල් ජයතිලක, දිවිනැගුම දෙපාර්තමේන්තුවේ ආර්.ඒ.ඒ ජයතිලක යන අය සම්බන්ධ වී ඇති බව දැනගන්නට ඇත.

සබන් කෑල්ලේ සිට සකලවිධ පරිභෝජන භාණ්ඩවලට බදු ගෙවමින් හිඟා නොකා හිඟාකන රටේ පොදු ජනතාවගෙන් බොහෝ අයට එක්වන ම මේ මුදල කොතරම් දැ යි සිතාගන්නට පවා බැරි වනු ඇත. මේ වංචා කර ඇත්තේ ජනතා මුදල් ය. ජනතාවගේ ලේ, මස් සූරා කෑ මොවුන් හැඳින්විය හැක්කේ පිසාචයින් ලෙස ය. විශ්වාස කටයුතු තොරතුරු වාර්තා කරන පරිදි මේ වංචාවට අදාළ ව සියලු පරික්ෂණ අවසන් ව ඇති අතර නුදුරේ දී ම ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනෙනු ඇත.

මහින්ද රාජපක්ෂ නම් වයෝවෘද්ධයාට මුක්කු ගසමින් විමල්ලා පිහිටුවන්නට යන පක්ෂය සඳහා මුදල් ලැබෙන ආකාරය ගැන දැන් කාටත් පැහැදිලි වී යා යුතු ය. සොරා කන ලද ජනතා මුදල් නුදුරේ දී කතා කරන්නට පෙළඹෙනු ඇත.

RSL

Related Posts