එයා හා මෙයා සහ එදා හා මෙදා……

Spread the love

my3

ඔබ විදෙස් චාරිකා වලදී අධිසුඛෝපභෝගී හෝටල්වල නැවතී, ජනතා මුදල් විශාල ලෙස වැයකර සේවා ලබාගන්නවා නේදැ යි ? පසුගිය රජයේ සිටි විදේශ අමාත්‍ය, රෝහිත බෝගොල්ලාගමගෙන් මාධ්‍යවේදියෙකු වරක් ප්‍රශ්ණයක් ඇසී ය.

ඒ සඳහා බෝගොල්ලාගමගේ පිළිතුර වූයේ…”ඔබ මට කියන්නෙ, රට ගිහින් පෙට්ටි කඩේකින් කාලා.. පේමන්ට් එකේ බුදියගෙන එන්න කියලා දැ යි” කියා ය. එය පරණ කතාවකි.

සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබන අමාත්‍ය, රාජිත සේනාරත්නගේ සුව-දුක් විමසීම සඳහා ජනාධිපති මෛත්‍රී පසුගිය දා සාමාන්‍ය ගුවන්යානයකින් සිංගප්පූරු ගියේ ය.

මෙහි දැක්වෙන්නේ එසේ ගිය ගමනේ ගත් ඡායාරූප දෙකකි. ආරක්ෂකයින් ද නොමැති ව සිංගප්පූරු මංමාවත් දිගේ පයින් ඇවිද ගිය හෙතෙම, ඒ.බී.මොහොමඩ් රෙස්ටුරන්ට් නම් (ලංකාවේ නම්, එය පිටකොටුවේ ධවලගිරි හෝටලය හා සමාන එකකි) ආපන ශාලාවට පිවිස කෝපි එකක් බී නැවත ලංකාවට පැමිණියේ ය.

මෙරට ජනාධිපති ලෙස සිංගප්පූරුවේ නම් දැරූ මැන්ඩරින් ඔරියන්ටල්, ෆුලර්ටන්, මැරින් අ’ බේ හෝ ෂැන්ග්‍රිලා යන හෝටල් වලට පිවිස සප්පායම් වී ඒමට හැකියාව තිබුණත් ජනපතිවරයා එසේ නොකළේ රටේ පාලකයන්ගේ ද දැන් වෙනසක් ඇතැ යි යන්න ප්‍රකට කරවමින් ය.

Upul galappaththi

(මෙහි එන සටහන මුහුණුපොතන් ඉපිටුමකි. එහි රචකයා හෝ රචකාව Read sri lanka සාමාජිකයෙක් නොවේ. එකී අදහස්වල වැදගත්කම සලකා අප එය උපුටාගන්නෙමු. අප වෙබ් අඩවියේ අදහස් ඔහු හෝ ඇය විසින් දරනුයේ නැත.)

RSL

Related Posts