නව ව්‍යවස්ථාවට ජනතා අදහස් ලබා ගැනේ!
- RSL
- January 12, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports, Sri Lankan Government
- 0 Comments
අලුතෙන් සම්පාදනය කෙරෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් මහජන අදහස් ලබා ගැනීමට කටයුතු සූදානම් කර ඇතැයි නව ව්‍යවස්ථාව වෙනුවෙන් මහජන අදහස් විමසීමට පත් කළ කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනාය ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිටියේ ය.
මෙකී කමිටු කාර්යාලය විසුම්පායේ පිහිටුවා ඇති අතර දිස්ත්‍රික්ක 25ටම ගොස් අදහස් ලබා ගන්නට කටයුතු සූදානම් කර ඇතැයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය. ජනවාරි 18 දින ආරම්භවන මේ අදහස් වීමසීම මාර්තු මස 31 වැනි දා අවසන් වන්නට නියමිතයි.
ජනතා අදහස් නිවැරදිව ලබා ගැනීම වත්මන් ලොව ව්‍යස්ථා සම්පාදනයේ දී සාධනීය කාරණයක් ලෙස සැලකෙන්නක්. කිහිපදෙනෙක් තම නීති විශාරද මතය ව්‍යස්ථාව මත ස්ථාපිත කිරීමකින් තොරව ජනතාවගේ අදහස් ලබා ගැනීමෙන් ප්‍රායෝගිකව ව්‍යස්ථාව ක්‍රියාත්මක කිරීමේ දී පැන නගින ගැටළු අඩු වී යනු ඇති.