ලැජ්ජ නැතිකම මැති ඇමතිකම්වලට වැඩිය ලොකුයි ලු!

Spread the love

Maulanaසෞදියේ ගල්ගසා මරා දැමීමට තීන්දු කර තිබූ ශ්‍රී ලාංකේය මුස්ලිම් කාන්තාව මුදවා ගැනීම සම්බන්ධයෙන් විවිධ කතා බහ පසුගිය දා පළ විය. ඇය ගලවා ගන්නැයි කියමින් උද්ඝෝෂණ මාලාවක් ද දියත් කෙරිණ. කෙසේ වෙතත් මැද පෙරදිග කඳුළු විකුට මන්ත්‍රීකමක් උපයාගත් රංජන් රාමනායක වැන්නන් ඒ පිළිබඳව මැදිහත් වූයේ ඇල්මැරුණු ගාණට බව අපි එදා ද ලියා තැබුවෙමු. එහෙත් ඇය නිදහස් කළ පසු නම් මාධ්‍ය සාකච්ඡා පවත්වා සුපුරුදු රඟපෑමේ යෙදෙන්නට ඔහු කටයුතු කළේ ය. අනෙක් අතට විදෙස් රැකියා බලවතියකට මේ ගැන දැනගන්නට ඇමතූ අප මාධ්‍ය මිතුරියකට බලවතිය කියා තිබුණේ මේවා කළිනුත් වුණා ජාතියේ හෝන්දු මාන්දු කතා ය.

කෙසේ වෙතත්, මේ කත බේරාගන්නට කටයුතු කර ඇත්තේ ඇය නිදහස් කළ පසු උඩ පැන්නවුන් නොවන බව පසුගිය දා පුවත්පතක් වාර්තා කර තිබුණි. සෞදි රජු සමඟ ඍජුව සබඳතා පැවැත්වූ මෂුර් මව්ලානා හරහා මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා මේ ගැටළුව විසඳා ගැනීමට මැදිහත් වී තිබේ. ආගමන විගමන පාලක නිහාල් රණසිංහ සහ විදේශ සේවා නිලධාරීන් කිහිපදෙනෙක් මේ අනුව වෘත්තිය වගකීමෙන් එහාට ගොස් මේ ගැන කටයුතු කර තිබේ.

රිසානාගේ ප්‍රශ්නයේ දී ද මේ මෂුර් මවුලානා මැදිහත්වී ඇත ද සිදු වී ඇත්තේ මෙවන් දෙයකි.

”මෙයට පෙර රිසානාගේ සිද්ධියේ දී මා මැදිහත් වී එම දුවණිය මරණයෙන් ගලවා ගැනීමට ක‍්‍රියාමාර්ග ගත්තා. එහෙත් අපේ සමහර මැති ඇමැතිවරුන් හා නිලධාරීන් රිසානාගේ ඉරණම මැදපෙරදිග සංචාර සඳහා අවස්ථාවක් කරගැනීම තුළ ඒ වැඬේ කුරුවල් වුණා. කොටින්ම මේ සමහරුන් එහි ශාලා පහසුකම් ලබාගෙන සෞදියේ අයට ෂරියා නීතිය ගැන දේශනා කරන්නට පටන්ගෙන තිබුණා” – මෂුර් මවුලානා.

කෙසේ වෙතත්, තමන් හොරට නිදාගෙන සිට වෙනත් අය මැදිහත්ව කළ දේකට ලකුණු දාගන්නට පැනීම කළ හැක්කේ ලැජ්ජ නැති මැති ඇමතින්ට ම පමණි.

පුවත් මූලාශ්‍ර – සත්හඬ පුවත්පත (මෂූර් මවුලානාගේ සේයාරුවකි)

RSL

Related Posts