බතික් කලාව සඳහා පුහුණු පාඨමාලාවක් බත්තරමුල්ල ජාතික ශිල්ප සභා අත්කම් ගම්මානයේ දී

Spread the love

ජාතික ශිල්ප සභාවේ මෙහෙයවීමෙන් බතික් කලාව සඳහා ආධුනිකයින් පුහුණු කිරීමේ සය මාසික පුහුණු පාඨමාලාවක් බත්තරමුල්ල ජාතික ශිල්ප සභා අත්කම් ගම්මානයේ දී ආරම්භ වේ.

මෙය සතියේ දින පහක දී පෙ.ව. 8.30 සිට ප.ව 2.00 දක්වා පූර්ණ කාලීන පාඨමාලාවක් ලෙස නොමිලේ පැවැත්වෙයි. වයස් සීමාවක් නොමැති අතර ඕනෑ ම අයෙකුට ඉල්ලුම් කළ හැකිය.

මෙම පාඨමාලාව මඟින් දේශීය බතික් කර්මාන්තයට නවකයින් පුහුණු කිරීම සහ ඒ මඟින් බතික් කර්මාන්තය නගාසිටුවීමත් රැකියා විරහිත පිරිස් සඳහා ස්වයං රැකියා ලෙස  බතික් කලාව හඳුන්වා දීමත් අපේක්ෂා කෙරේ.

ජාතික ශිල්ප සභාවේ සභාපති බුද්ධි කීර්තිසේන  මහතාගේ උපදෙස් මත චිත්‍ර සහ බතික් නිර්මාණ ශිල්පී කොල්වින් සෙට්ටිනායක මහතා පාඨමාලාව මෙහෙයවයි.