සියලූ චෝදනා ප‍්‍රතික්ෂේප කළහොත් ලංකාව ජාත්‍යන්තරය හමුවේ හුදකලා විය හැකියි – මැල්කම් රංජිත් කාඩිනල් හිමිපාණන්
- RSL
- August 16, 2011
- Uncategorized
- අතිඋතුම් මැල්කම් රංජිත් කාඩිනල් හිමිපාණන්
- 0 Comments
ජාත්‍යන්තරව එල්ල වන පීඩනය හමුවේ සුදුසු ප‍්‍රතිචාරයක් ලබා නොදී සියලූම චෝදනා ප‍්‍රතික්ෂේප කළහොත් කුඩා දූපතක් වන ලංකාව ජාත්‍යන්තර ප‍්‍රජාව හමුවේ හුදකලා බවට පත්වනු ඇතැයි අතිඋතුම් මැල්කම් රංජිත් කාඩිනල් හිමිපාණන් පවසයි.බීබීසී සංදේශය වාර්තා කරන්නේ පුරා සතියක් තිස්සේ පැවති මන්නාරම මඩු දේවස්ථානයේ මංගල්‍යය අවසන් කරමින් බැතිමතුන් ලක්‍ෂ ගණනාවක පිරිසක් අමතමින් උන්වහන්සේ ඒ බව කියා සිටි බවයි.
අවිආයුධ මඟින් සිදුකළ යුද්ධය අවසන් වූවද, වඩාත් දුෂ්කර කාර්යයක් වන ජාතික වශයෙන් වන ආත්මාර්ථකාමී බව පිටුදැක, නීතියෙන් එක්ව, හදවතින් වෙන්ව සිටින ජනතාව එක්සත් නොකළහොත් තවත් ලේ වැගිරීමක් නොවැලැක්විය හැකි බවට කාඩිනල් රංජිත් අනතුරු ඇඟවීය.
සුළුජනයා සෑමවිටම බහුතර ජාතියට තර්ජනයක් වන බවට වූ බියෙන් මිදී, දෙමළ හා මුස්ලිම් ජනතාවගේ දේශපාලන අයිතීන් සහතික කරන්නැයි උන්වහන්සේ ආණ්ඩුවට කියා සිටියහ.