ඉන්දීය ධජය එසවීමට ගත් උත්සහයෙන් 43 දෙන්නෙකු අත්අඩංගුවට
- RSL
- August 16, 2011
- විදේශීය
- තමිල්නාඩුව
- 0 Comments
කච්චතිව් දූපතෙහි ඉන්දීය ධජය එසවීම සඳහා පිටත්ව යෑමට උත්සාහ දැරූ හින්දු මක්කල් කච්චි නමැති පක්‍ෂයේ කි‍්‍රයාකාරීන් 43 දෙනෙකු තමිල්නාඩු පොලිසියේ අත්අඩංගුවට පත්ව ඇතැයි පී.ටී.අයි. පුවත් සේවය වාර්තා කරයි.
වඩාත් විශේෂත්වය වන්නේ ඊයේ (15 අගෝ.) දිනය ඉන්දියාව සිය ජාතික දිනය සමරන දිනයද වීමයි.
අත්අඩංගුවට පත්වූවන් අතර තමිල්නාඩු ප‍්‍රාන්තයේ සිටින එම පක්‍ෂයේ සභාපති අන්නදුරෙයි ද අයත් වේ.
වසර 1974දී ශී‍්‍ර ලංකාවට පවරාදුන් කච්චතිව් දූපත ආසන්න මුහුදේ මසුන් මැරීමට ඉන්දීය ධීවරයින්ට ඉඩ ලැබිය යුතු බවට ඔවුන් කියා සිටී.
කිසිදු මහභේදාත්මක සිද්ධියක් සිදුවීම වැලැක්වීම සඳහා අද දිනයේදී මසුන් මැරීම තහනම් කිරීමට තමිල්නාඩු පොලිසිය පියවර ගෙන ඇත.
මේ අතර, ඉන්දීය ධීවරයින් 2,000ක් පමණ දෙනෙකු හට කච්චතිව් දූපත ආසන්න මුහුදේ මසුන් මැරීමට ඉඩ ලබා නොදුන් බවට එල්ලව ඇති චෝදනාවක් ශී‍්‍ර ලංකා නාවික හමුදාව ප‍්‍රතික්ෂේප කොට සිටී.