පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්ට රනිල්ගෙන් ලිපියක්
- RSL
- November 25, 2011
- Uncategorized
- අයවැය, පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය, රනිල් වික්‍රමසිංහ, විලියම් එෆ් ශීජා
- 0 Comments
අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ හා ඊට පෙර ඇතිවූ සිදුවීම් පිළිබඳව කරුණු දන්වා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් ආචාර්ය විලියම් එෆ්.ශිජා වෙත ලිපියක් යොමු කර තිබේ. ලිපියෙන් ඉල්ලා සිටින්නේ එහි සඳහන් කරුණු සලකා ඒ පිළිබඳව අදාළ පුද්ගලයන් හා ආයතන වල අවධානය යොමු කරන ලෙසයි.
ආරක්ෂක අංශ යොදවා ආණ්ඩුව අයවැය දිනයේ පිටත පිවිසුමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් පරීක්ෂාවට ලක්කර ඔවුන්ගේ ලිපි ලේඛන භාරයට ගත් බව රනිල් වික්‍රමසිංහ පවසයි.
විපක්ෂනායකවරයා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා වෙත යැවූ ලිපියේ දැක්වෙන්නේ එසේ භාරයට ගත් ලිපි කිසිවක් ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ ඒවා නොවන බවයි.අයවැය ඉදිරිපත් කරන අතරතුර විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පහරදුන් බවද ලිපියේ දැක්විණි.
එදින සිදුවීම් ඇතුළත් ඡායාරූපද විපක්ෂනායකවරයා පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා වෙත යොමු කර තිබේ.