නැගෙනහිර පළාතේ පාලම් තුනක ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ
- RSL
- November 16, 2011
- Uncategorized
- 0 Comments
මඩකලපු දිස්ත්‍රික්කයේ මහ ඔය අතුගඟ, මුන්දේනි සහ පුලාවඩි යන පාලම් තුනේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) සිදුවිය. ඒ 5 මාර්ගයේ පිහිටා ඇති පළලින් මීටර් 10.4 ක් සහ දිගින් මීටර් 26ක් වන මහ ඔය අතු ගඟ පාලම ඉදිකිරීම සඳහා වැය කරනු ලබන මුදල රුපියල් මිලියන 154 කි.
දිගින් මීටර් 85ක් සහ පළලින් මීටර් 10.4 ක් වන මුද්දෙනි පාලම ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 407ක් වැයවන අතර පුලාවඩි පාලම සඳහා වැයවන මුදල රුපියල් මිලියන 81 කි.
මෙම සියලු ඉදිකිරීම් කටයුතු සඳහා මූල්‍යාධාර සපයනු ලබන්නේ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා (JICA) ආයතනය මගිනි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති නොබිහිතෝ හෝබෝ (Nobuhito Hobo), ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පී. දයාරත්න, දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. පියසේන, නියෝජ්‍ය අමාත්‍ය ඒ.එල්.එම්.එන්. හිස්බුල්ලා, නැගෙනහිර පළාත් සභාවේ අමාත්‍ය විමලවීර දිසානායක යන මහත්වරු සහභාගි වූහ.