සාර්ක් සමුළුවට සහභාගී වූ ජනපති යළි මව්බිමට
- RSL
- November 12, 2011
- Uncategorized
- 0 Comments
17 වැනි සාර්ක් රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) මාලදිවයිනේ සිට මව්බිමට පැමිණ තිබේ. සාර්ක් රාජ්‍ය නායක සමුළුව ඊයේ (11) අවසන් වූ අතර එහි දී සාර්ක් කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා වැදගත් ගිවිසුම් හතරක් අත්සන් කරනු ලැබීය.
සාර්ක් නායක සමුළුවේ දී සාර්ක් කලාපීය රටවල රාජ්‍ය නායකයින් සමඟ සමාජ, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලනික වැදගත් ද්විපාර්ශවීය සාකච්ඡා රැසක් පැවැත්වීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ දූත මණ්ඩලයට හැකියාව ලැබී ඇත.