ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය රජයේ ස්ථාවරය ගැන එස් රාමදෝස්ගෙන් දොස්
- RSL
- November 1, 2011
- Uncategorized
- 0 Comments
වසර 2013 පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ශී‍්‍ර ලංකාවේ පැවැත්වීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් පීඑම්කේ පක්‍ෂයේ නායක එස් රාමදෝස් ඉන්දීය මධ්‍යම රජයට දොස් පවරා ඇත.
ශී‍්‍ර ලාංකික දෙමළ ජාතිකයින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට ඉන්දියාව බැඳී සිටියද, මුල සිටම ලංකාව ආරක්‍ෂා කිරීමට ඉන්දීය රජය කටයුතු කළ බවට රාමදොස් චෝදනා කරයි.
තමිල්නාඩුවේ වැසියන්ගේ මතය අවබෝධ කොටගෙන ලංකාව සම්බන්ධයෙන් වන ස්ථාවරය වෙනස් කරන්නැයි ඔහු ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා ඇත.