ග්‍රීක සංගීතඥ යානි ක්‍රිසොමාලිස් සුළු මොහොතකට දිවයිනට ගොඩ බසී
- RSL
- October 26, 2011
- Uncategorized
- 0 Comments
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පසුගිය දා (24 ඔක්.) රාත්‍රී ලෝක ප්‍රසිද්ධ ග්‍රීක සංගීතඥ යානි ක්‍රිසොමාලිස් පැමිණියේය.
යානි කටුනායක ගුවන් තොටුපලට පැමිණියේ විදෙස් ප්‍රසංගයකට සහභාගිවීමට යන අතරවාරයයේදිය.
ඔහු විනාඩි කිහිපයක් ගුවන් තොටුපලේ රැදී සිටියේය.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් යානි මෙසේ පැවසීය.
“උණුසුම් අයුරින් මාව මෙහිදී පිලිගත්තා. මට ශ්‍රී ලංකාවේ ප්‍රසංගයක් පැවැත්වීමට නොහැකිවීම පීළිබඳව කණගාටුවක් තිබෙනවා. නමුත්මම නැවත වරක් මෙහි පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ශ්‍රී ලංකාව ආගන්තුක සත්කාරය පිළිබඳව මම බොහෝ දේ අසා තිබුණා. ඒ වගේම තමයි හුසේන් ජෙෆ්රි කියලා ශ්‍රී ලාංකිකයෙක් මගේ බේස් ගිටාර් වාදකයෙක් වී සිටියා”
යානි නිර්මාණය කළ ඩෙයාර් ටු ඩ්‍රීම් ගීත ඇල්බමය 1992 දීත් මයි ටයිම් 1993 දීත් ග්‍රැමී සම්මාන සඳහා නිර්දේශ විය.
1994 වසරේදි යානි ලයිව් ඇට් ද ඇක්‍රොපොලිස් ප්‍රසංගයෙන් වඩාත් ප්‍රසිද්ධියට පත් ඔහු මේ වනවිට රටවල් 20 ක පමණ ප්‍රසංග පවත්වා තිබේ.