හතළිස් දෙවසරක් බලය නතුකරගෙන සිටි ගඩාෆි ජීවිතක්ෂයට
ලිබියානු නායක කර්නල් මුවම්මර් ගඩාෆි ජීවිතක්ෂයට පත්වු බව ලිබියානු අන්තර්වාර ජාතික කවුන්සිලය උපුටා දක්වන රොයිටර් පුවත් සේවය පවසයි.
මීට ටික වේලාවකට පෙර රොයිටර් පුවත් සේවය පැවසුවේ, තුවාල සහිතව කර්නල් මුවම්මර් ගඩාෆි සර්ට් නගරයේදී අල්ලා ගත් බවයි.
කෙසේ වෙතත් මුවම්මර් ගඩාෆි අල්ලා ගත් බවට වන වාර්තා මේ දක්වා තහවුරු කර නොමැති බව නේටෝ සංවිධානය හා අමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව උපුටා දක්වන රොයිටර් පුවත් සේවය පවසයි.
[youtube GIJfBe9r50Q]