දමිළ දේශපාලකයන් වවුනියාවේදී උපවාසයක
- RSL
- October 18, 2011
- Uncategorized
- 0 Comments
මුලතිව් දිස්ත්රික්කයේ වැලිඔය වෙනම ප්රාදේශීය ලේකම් කොට්ඨාශයක් ලෙස නම් කිරීම, උතුරු නැගෙනහිර ඉඩම් ලියාපදිංචි කිරිම ඇතුළු ඉල්ලීම් මුල් කරගෙන සහ උතුරු ප්රදේශයන්හිදී අලුතින් සිංහල ගම්මාන නිර්මාණය කිරීම නැවැත්වීම ඇතුලු ඉල්ලීම කිහිපයක් මුල්කර ගනිමින් වව්නියාව නගර සභාව ඉදිරිපිට දේශපාලන නියෝජිතයින් පිරිසක් සංකේත උපවාසයක් ඊයේ (17 ඔක්.) පැවැත්විණි.
මෙම උපවාසයට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මහලේකම් වී.ආනන්දසංගරී මහතා ඇතුලු දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, නගර සභා මන්ත්රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටිය බව වාර්තා වේ.
උපවාසයේ යෙදෙන බව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මහලේකම් වී.ආනන්දසංගරී පවසයි.
[youtube 9tdxT3wNu_A]