රටක් ඉදිරියට යෑම සඳහා නීතීයේ පරමාධිපත්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතුයි – රනිල්
- RSL
- October 17, 2011
- Uncategorized
- 0 Comments
ඊයේ (16 ඔක්.) පෙරවරුවේ කොළඹ නගර සභා මැතිවරණ ව්‍යාපාරයේ ක‍්‍රියාකාරිකයන්ගේ පිරිසක් හමුවීමේ අවස්ථාවට එක්වෙමින් විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ රටේ ස්වාධීනත්වය උදෙසා පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතදීත් කටයුතු කරන බවත් රටක් ඉදිරියට යෑම සඳහා නීතීයේ පරමාධිපත්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතු බවත්ය.
ඕනෑම රටක යුක්තිය පසිඳලීමේ ක්‍රමය පිළිබඳ කිසිඳු ගැටලුවක් හෝ ප්‍රශ්නයක් තිබිය නොහැකි බව පෙන්වාදුන් විපක්ෂනායකවරයා, පොලිසිය , නීතීපති දෙපාර්තමේන්තුව හා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සිය කටයුතු නිසි ලෙස ඉටු කිරීමට වග බලාගත යුතු බවද පැවසිය.