පොතුවිල් හා තිරුක්කෝවිල් ප‍්‍රදේශවලට පොලිස් අඳිරිනීතිය
- RSL
- August 13, 2011
- Uncategorized
- 0 Comments
පොතුවිල් හා තිරුක්කෝවිල් ප‍්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව වාර්තා වේ.
පොලීසියට එරෙහිව පැවති උද්ඝෝෂණයක් අතරතුර සිදුකළ වෙඩි තැබීමකදී තරුණයෙකු මරුමුවට පත්වීමත් සමගම මෙම තත්ත්වය ඇතිවී තිබේ.
කාන්තාවකට පහරදී තුවාල සිදුකළ ‘ගී‍්‍රස් යකෙකු’ අත්අඩංගුවට නොගත් බවට චෝදනා කරමින් ජනතාව එම විරෝධතාව පවත්වා ඇත.
එමෙන්ම, අහිංසක පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බවට පවසමින් ඔවුන් නිදහස් කළ යුතු බවට ඔවුහු කියා සිටියහ.
කෝපයට පත් ජනතාව විසුරුවා හැරීමට අසමත් වූ පොලිසිය හමුදා සහාය ඉල්ලූ අතර, ඒ අනුව පැමිණි හමුදාව විසින් එම වෙඩි තැබීම සිදුකළ බවට වාර්තා වේ.