සංවාදය තුළින් ගැටලු නිරාකරණය කර ගන්න – ඉන්දීය මුදල් ඇමති
- RSL
- September 28, 2011
- Uncategorized
- 0 Comments
දෙමළ ජාතික සන්ධානය සමඟ සංවාදය යලි අරඹා දේශපාලන ගැටළු විසඳා ගන්නා මෙන් ඉන්දීය මුදල් ඇමති ප‍්‍රනාබ් මුකර්ජි ලක් රජයෙන් ඉල්ලා සිටී.
පසුගියදා නිව්යෝර්ක්හිදී ශී‍්‍ර ලංකා ඇමති ආචාර්ය සරත් අමුණුගම සමඟ පැවති හමුවකදී ඉන්දීය ඇමතිවරයා ඒ ඉල්ලීම ඉදිරිපත් කළ බව පීටීඅයි පුවත් සේවය පවසයි.
ශී‍්‍ර ලංකාවට ලබාදෙන ඉන්දීය ආධාර සම්බන්ධයෙන් ද ඔවුන් දෙදෙනා අදහස් හුවමාරු කරගෙන තිබේ.
උතුරු පළාතේ අවතැන්වූවන් වෙනුවෙන් ඉදිකිරීමට යන නිවාස 50,000ක් වෙනුවෙන් ඉන්දියාව ලබාදීමට ගිවිස ඇති ආධාර ලබාදෙන මෙන් අමුණුගම ඇමතිවරයා ඉල්ලා ඇත.