කොළඹ සංවර්ධනයට සියලු සැලසුම් සාදා අවසන් – රනිල් වික්‍රමසිංහ
- RSL
- September 28, 2011
- Uncategorized
- රනිල් වික්‍රමසිංහ
- 0 Comments
කොළඹ සංවර්ධනයට වර්තමානය හා අනාගතය ගැන සිතා සැලසුම් සකස් කර අවසන් බව රනිල් වික්‍රමසිංහ පවසයි.
ව්‍යාපාරිකයින් පිරිසක් අමතමින් ඔහු මේ අදහස් පළ කළේය.
“එක්සත් ජාතික පක්ෂය වර්තමානයයි අනාගතයයි ගැන හිතලා කොළඹ නගරයට සැලසුම් හා විසඳුම් ඉදිරිපත් කරලා තියෙනවා. අපි බලන්නේ මූලික ප්‍රශ්න වර්තමානයේ ප්‍රශ්න කොහොමද මේ නගරයේ ආර්ථිකය ආරක්ෂා කරන්නේ මේ රටේ වාණිජ ආර්ථිකයක් ආපු දවසේ ඉඳන් ආර්ථිකයේ හදචත කොළඹ වරාය ගලවනවානම්, මාළු මාර්කට් එක ගලවනවානම්, මැනිං මාර්කට් එක ගලවනවානම් ආර්ථිකය නැති වෙනවා. අපි සිල්ලර විසඳුම් අරගෙන එන්නේ නැ. 1980, 81, 82 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තමා අවුරුදු 50කින් පස්සේ කොළඹ යටිතල පහසුකම් දැම්මේ. දැන් අපි දැම්ම ඒවායේ කාලේ ඉවරයි”