ශී‍්‍ර ලංකා ජනපති චීන අගමැති වෙන් ජියබාවෝ හමුවේ
- RSL
- August 12, 2011
- Uncategorized
- 0 Comments
චීනයේ සිව් දින නිල සංචාරයක යෙදී සිටින ශී‍්‍ර ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ එරට අගමැති වෙන් ජියබාවෝ ඊයේ (අගෝ. 11) බීජිං හිදී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.ෂින්හුවා පුවත් සේවය වාර්තා කරන්නේ ‘සැමදා ශක්තිමත් වෙමින් පවතින දෙරට අතර සබඳතා හේතුවෙන් රටවල් දෙකෙහිම ජනතාවට ප‍්‍රතිලාභ හිමිව ඇතැයි චීන අගමැතිවරයා එහිදී පැවසුව බවයි.
ලංකාවේ ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම් වැඩිදියුණුව, වෙළඳාම සහ ආයෝජනය ශක්තිමත් කිරීම මෙන්ම සංස්කෘතික සබඳතා තර කරගැනීම සඳහා චීනයේ සහාය හිමිවන බව ඔහු කියා ඇත.
තම රට සමඟ චීනයට තිබෙන දැඩි මිතුදම ඉතා අගය කළ ලංකා ජනාධිපතිවරයා, දීර්ඝ කාලයක් තිස්සේ දිවයිනට ලබාදෙන සහාය පිළිබඳව එරටට තම ස්තුතිය පළ කළේය.