වවුනියාවේ හර්තාල්
- RSL
- August 12, 2011
- Uncategorized
- 0 Comments
අමාත්‍ය රිෂාඩ් බදූදීන් මහතාගේ මැදිහත්වීම මත වවුනියාව කුමරාන්කඩු හංදියේ බලහත්කාරයෙන් මුස්ලීම් පල්ලියක් ඉදිකිරීමට විරෝධය පා මේවන විට වවුනියාව නගරයේ හර්තාලයක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
ලැබෙන ආරංචි මාර්ගවලට අනුව වවුනියාව නගර සභාවේද අවසරය ලබාගෙන නොමැතිව වවුනියාව නගර සභාවට අයත් ඉඩමක, කුමරාන්කඩු හංදිය අසල පිහිටි ඉපැරිණි හින්දු කෝවිලක් ආසන්නයේ මෙම මුස්ලීම් පල්ලිය ඉදිකිරීම ආරම්භ කර තිබේ.
මේ අතර මේවන විට වසා දමා ඇති කඩ විවෘත කරන ලෙස හමුදාව විසින් කඩ හිමියන්ට බලපෑම් එල්ල කරමින් තිබෙන බවද අප වාර්තාකරු වැඩිදුරටත් පවසයි.