කොළඹ මහ නගර සභාවේ ගෞරවය බිඳ වැටී තිබෙන්නේ රජය නිසයි – තිස්ස අත්තනායක
- RSL
- September 16, 2011
- Uncategorized
- එක්සත් ජාතික පක්ෂය, තිස්ස අත්තනායක
- 0 Comments
ඊයේ (15 සැප්.) කොළඹ පැවති ජනහමුවක් අමතමින් එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් තිස්ස අත්තනායක මහතා පැවසුවේ මිලින්ද මොරගොඩ කියන ආකාරයට කොළඹ මහ නගර සභාවේ පරිපාලනය සහ ගෞරවය බිදවැටී වී තිබෙන්නේ නම් ඊට වගකිව යුත්තේ මහින්ද රාජපක්ෂ පාලනය විනා එක්සත් ජාතික පක්ෂය නොවන බවයි.
මහින්ද රාජපක්ෂ පාලනය යටතේ කොළඹ මහ නගර සභාවේ පරිපාලනය සහ ගෞරවය බිදවැටී ඇති බව කියමින් ඒ නගර සභාව නැවත ගොඩනැගීමට මිලින්ද මොරගොඩ බලය ඉල්ලා සිටීම විහිලූවක් බවද හෙතෙම කියා සිටියි.
ඔහු තවඩුරත් පැවසුවේ ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් රාජ්ය දේපොළ සහ මුදල් ජනතාව අතර බෙදා දෙන්නේ ඒ සියල්ල පුද්ගලික දේපොළ ලෙස සලකා බවයි.
‘ආණ්ඩුව මැතිවරණ නීතිරීති උල්ලංඝණය කරමින් රාජ්ය දේපොළ සහ මුදල් පාවිච්චි කිරීම ද, ජනතාවට අල්ලස් ලබා දීම ද, දන්සැල් පැවැත්වීම ද, භීෂණය සහ මර්දනය ද පතුරුවා හැරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා වෙත පැමිණිලි කර තිබෙනවා’ යැයි ද හෙතෙම පැවසීය.