දිවයින පුරා විශ්වවිද්‍යාලීය අනධ්‍යයන කාර්යමණ්ඩල වැඩ වර්ජනයක
- RSL
- September 12, 2011
- Uncategorized
- කම්කරු, විරෝධතා
- 0 Comments
අද දවස පුරා දිවයිනේ සියලුම විශ්වවිද්‍යාලවල පරිපාලන නිලධාරීන් ඇතුළු අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයෝ වසර ගණනාවක් තිස්සේ පවතින වැටුප් විෂමතා ඉවත් නොකිරීමට එරෙහිව වැඩ වර්ජනයක නිරත වෙති. මෙම වැඩවර්ජනය සඳහා විශ්වවිද්‍යාලවල ලේඛකාධිකාරී, මූල්‍යාධිකාරී, සහකාර ලේඛකාධිකාරී වැනි පරිපාලන තනතුරු දරන සියලුම නිලධාරීන්ද සහය පලකරමින් එක්වී ඇතැයි වාර්තාවේ.
මේ පිලිබඳව අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ආර්. එම්. චන්ද්‍රපාල මහතා පැවසුවේ වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටි වාර්තාව පසුගිය මස 10දා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට භාරදුන් නමුත් මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැති බැවින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළෙබි බවයි.
පරිපාලන නිලධාරීන්ගේ සංගමය හා වෘත්තීය සමිති සම්මේලනය ඒකාබද්ධව පිහිටුවා ගත් ඒකාබද්ධ කමිටුව මගින් මෙම වැඩ වර්ජනය මෙහෙයවන අතර මෙම ක්‍රියාමාර්ගයෙන් පසුව පිළිගත හැකි නිසි විසඳුමක් නොලැබුණොත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද සභාපතිවරයා කීය.