සරසවි සිසුන්ට දැවැන්ත ප්‍රහාරයක්; 80කට අධික පිරිසක් රෝහලේ (Video)
- RSL
- June 21, 2017
- පුවත් සහ වාර්තා
- news, reports
- 0 Comments
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලමින් සරසවි සිසුන් අද විරෝධතාවයේ නිරත වූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළු වු සරසවි සිසුන් විසුරුවා හැරීමේ දී ඇති වු නොසන්සුන්තාවය අතර තුර තුවාල ලැබූ සරසවි සිසුන් 80 කට අධික පිරිසක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
සිසුන් සවස සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයට ඇතුළු වූ අතර මාර්ගය සම්පූර්ණයෙන් අත්පත් කරගනිමින් ගමනාගමනයට බාධා එල්ල කරන ලදී.
මෙහිදී ඇතිවූ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය විසින් ජල ප්‍රහාර එල්ල කළ අතර එම අවස්ථාවේ දී සිසුන් මෙලෙස තුවාල ලබා ඇත.
එසේම පොලීසියේ පස් හය දෙනෙකුද තුවාල ලබා රෝහලට ඇතුළත් කර ඇති බවද වාර්තාවේ.
[youtube 9FzHhVY1HB4]