Spread the love

රට උඩු යටිකුරු කර ඇති කොරෝන වසංගතය පැතිරීම මන්දගාමී කිරීම සදහා දින 15ක සැලසුමක් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය මාර්තු 16 වැනිදා ප්‍රකාශයට පත් කළේය. තවත් දින දෙකකින් එම දින 15 අවසන් වනු ඇති අතර ඒ වන විට ලෝකයේ කොරෝන වෛරස් ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් ඇති රට බවට ඇමෙරිකාව පත්වනු ඇත.

මෙවැනි අසාර්ථක තත්ත්වයක් තිබියදී පවා මහජන සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට පටහැනිව පනවා ඇති සීමාවන් ලිහිල් කර රට විවෘත කිරීම ආරම්භ කිරීමට අවශ්‍ය බව ට්‍රම්ප් පවසා තිබේ.

එහෙත් ප්‍රශ්නය වන්නේ චක්‍රය සමතලා කිරීමට (කොරෝනා වෛරස් ආසාදන අවම කිරීමට) උත්සාහ කළ ද ඇමෙරිකාවේ එය වේගයෙන් ව්‍යාප්ත වීමය. මේ අතර මිලියන 3කට අධික පිරිසක් නව රැකියා විරහිත හිමිකම් ඉදිරිපත් කර ඇති ඇතර ට්‍රම්ප් පරිපාලනය විසින් ඩොලර් ට්‍රිලියන 02ක උත්තේජ පනත් කෙටුම්පත අනුමත කර තිබේ.

එහෙත් ප්‍රශ්නය වන්නේ ජනපති ට්‍රම්ප් යෝජනා කළ පරිදි, අපේක්ෂා කළ පරිදි ඇමෙරිකාව තුළ කොරෝන වෛරසය පැතිරීම පාලනය නොවීමය. ඒ බව පහත දැක්වෙන සංඛ්‍යා මගින් මනාව පැහැදිලි කරගත හැකිය.

ඉහත වගු සටහනේ දැක්වෙන්නේ පසුගිය 27 වැනිදා වන විට ඇමෙරිකාවේ තත්ත්වයයි. එය ඉතාම පැහැදිලිව ගෝලීය වශයෙන් වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් සිටින රට බවට පත්ව ඇති අතර ට්‍රම්ප් සිය දින 15ක සැලසුම ප්‍රසිද්ධ කළ මාර්ත්‍ර 16 වැනිදා පැවැති 1551ක් වූ ආසාදිතයින් සංඛ්‍යාව හා සසදා බලන විට විස්මිත වර්ධනයකි. මාර්තු 16 වැනිදා ආසාදිතයින් සංඛ්‍යාව අනුව 10 වැනි ස්ථානයේ සිටි ඇමෙරිකාව තවත් දින 11කට පසු 101,657ක් ආසාදිතයින් වාර්තා කළ අතර පසුගිය සෙනසුරාදා එම අගය 123,000කට වඩා වැඩි විය. මරණ සංඛ්‍යාව පසුගිය සෙනසුරාදා 2100ක් වූ අතර එහිද දැවැන්ත ඉහළ යාමක් දැකිය හැකිය.

එක්සත් ජනපදය මේ වන විට COVID-19 රෝගීන් 123,000 කට වඩා වාර්තා කර ඇති අතර එය වෛරසය නිසා ඇති වන රෝගය වන අතර එය ලෝකයේ ඕනෑම රටකට වඩා වැඩිය.

ජාතික ආසාත්මිකතා සහ බෝවෙන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ ඇන්තනි ෆවුසි, සීඑන්එන් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ මෙම වසංගතය ‍හේතුවෙන් ඇමෙරිකාවේ 100,000 ත් 200,000 ත් අතර සංඛ්‍යාවක් මරණයට පත්විය හැකි බවයි.

ඉහත ප්‍රස්තාර සටහන අනුව අපට එක්සත් ජනපදයේ තත්ත්වය තවත් පැහැදිලි කරගත හැකිය. ට්‍රම්ප් තම දින 15ක සැලැස්ම ප්‍රකාශයට පත් කළ මාර්තු 16 වැනිදා වාර්තා වූ මරණ සංඛ්‍යාව 85ක් වූ අතර 27 වැනිදා වන විට එය 1581 දක්වා ත් 28 වැනිදා වන විට 2100 දක්වාත් වර්ධනය වී ඇති අතර ට්‍රම්ප්ගේ සැලසුම සම්පූර්ණයෙන් අසාර්ථක බව පැහැදිලිව පෙන්වා දී ඇත.

RSL

Related Posts