5 ශ්‍රේණියේ විභාග ප්‍රශ්න පත්‍ර අවලංගු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
- Editor
- October 15, 2024
- පුවත් සහ වාර්තා
- news
- 0 Comments
සැප්තැම්බර් 15 වෙනිදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ I සහ II ප්‍රශ්න පත්‍රය අවලංගු කරන ලෙස ඉල්ලා සිසුන් විසිහත් දෙනෙකු (27) ඔවුන්ගේ දෙමාපියන් සමඟ අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වන ලෙස ද පෙත්සම්කරුවන් ඉල්ලා සිටියි. නීතීඥ මංජුල බාලසූරිය මහතා හරහා මෙම පෙත්සම ගොනු කර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස පෙත්සම්කරුවන් විසින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර, අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් නම් කර ඇත.

