කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ මූල්‍ය ජාලයේ අධිපතිවරුන්ගේ 45 වැනි රැස්වීම සහ සමුළුව

Spread the love

කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ මූල්‍ය ජාලයේ අධිපතිවරුන්ගේ 45 වැනි රැස්වීම සහ සමුළුව ශ්‍රී ලංකා මහ බැංකුවේ සත්කාරකත්වයෙන් 2024 ජූනි මස 13 සහ 14 දෙදින තුළ කොළඹ දී පවත්වන ලදී. මෙම අවස්ථාවට එම කලාපයේ මහ බැංකු අධිපතිවරු, මුදල් ලේකම්වරු සහ මහ බැංකු හා මුදල් අමාත්‍යාංශවල නියෝජිතයෝ සහභාගී වූහ.

“බහුවිධ ගෝලීය ආර්ථික අභියෝග හමුවේ මහ බැංකුකරණය” යන තේමාව යටතේ කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ මූල්‍ය ජාලයේ අධිපතිවරුන්ගේ සමුළුව පළමු දිනයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමාරම්භක උත්සවයට සහභාගී වූ අතර සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වන ලදී. පවත්නා ආර්ථික අභියෝගවලට මුහුණදීම සහ ආර්ථික වර්ධනය සඳහා කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම ගරු ජනාධිපතිතුමා සිය දේශනයේ දී අවධාරණය කළේය. මුදල් හා රාජ්‍ය මූල්‍ය ස්ථායිතාවයේ අවශ්‍යතාවය එතුමා යළිත් අවධාරණය කළ අතර රට තුළ කල්පවත්නා ස්ථායිතාවයක් සහතික කිරීම සඳහා නීතිමය රාමුව ශක්තිමත් කිරීමට ගන්නා උත්සාහයන් ද අවධාරණය කළේය. මෙම සමාරම්භක අවස්ථාවට කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ මහලේකම්, තානාපති මොහොමඩ් ගෝලම් සර්වර් මහතා ද සහභාගී විය.

Related Posts