32වන පොදු රාජ්‍ය මණ්ඩලයීය බදු පරිපාලක වාර්ෂික සමුළුව ඇරඹේ
- RSL
- September 19, 2011
- Uncategorized
- 0 Comments
32වන පොදු රාජ්‍ය මණ්ඩලයීය බදු පරිපාලක වාර්ෂික සමුළුව Commonwealth Association of Tax Administrators (CATA) ඊයේ (18 සැප්.) කොළඹ ගලදාරී හෝටලයේදී ආරම්භ විය.
මෙය ලොව විශාලතම බදු පරිපාලකයන්ගේ සංගමය වන අතර පොදුරාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල් 48කින් එහි සාමාජිකත්වය සමන්විතය.
මෙසේ ආරම්භ වන සමුළුවට එම රටවල් නියෝජනය කරමින් බදු පරිපාලක සාමාජිකයින් 100 දෙනකු පමණ සහභාගී වී ඇතැයි වාර්තා වේ.
ජාත්‍යන්තර බදු පරිපාලකයන් අතර සහයෝගීතාව නංවමින් ක්ෂේත්රයේ දැනුම බෙදා ගැනීමත් ගැටලුවලට පිළියම් සෙවීමත් සමුළුවේ අරමුණු අතර වේ. මේ මස 23 වන දින දක්වා සමුළුව පැවැත්වේ.