පවරාගත් ආයතන වලට බලධාරීන් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය – කෙහෙළිය රඹුක්වැල්ල
- RSL
- November 24, 2011
- Uncategorized
- කැබිනට් තීරණ දැනුම් දීම, කෙහෙළිය රඹුක්වැල්ල
- 0 Comments
ඌණ ක්‍රියාකාරී ව්‍යවසායන් හා ඌණ උපයෝජිත වත්කම් පුනරුදය කිරිමේ පනතින් ආවරණය වන ව්‍යවසායන් සඳහා නිසි බලධරයන් පත් කිරිමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.ඒ අනුව, පැලවත්ත සීනි කර්මාන්ත ආයතනය සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයාත්, සෙවනගල සීනි කර්මාන්ත ආයතනය සඳහා මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරයාත් පත්කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.ඔහු සඳහන් කළේ, පවරාගත් අනෙකුත් ආයතන සඳහා ද නිසි බලධාරින් පත්කර ඇති බවයි.
අදාළ සියලු අංශයන්හි සමස්ත අධීක්ෂණය සහතික කිරීම සඳහා අමාත්‍ය අනුර ප්‍රියදර්ශනගේ සභාපතිත්වයෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් සහ එයට සහාය වීම සදහා නිලධාරී අනුකමිටුවක් ද පත් කර තිබේ.
කැබිනට් තීරණ දැනුම්දීම සදහා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ බව සඳහන් කළේය.