2025 දී සයිබර් අපරාධවලට සම්බන්ධ බවට සැපිට 318ක් අත්අඩංගුවට

2025 වසරේ සයිබර් අපරාධ 2000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර සයිබර් අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 318 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හෙළි කළේය. සයිබර් අපරාධකරුවන් ඉලක්ක කරගත් අය අතර තරුණයින්, වැඩිහිටියන් සහ අලුතින් අන්තර්ජාලයට පිවිසෙන පුද්ගලයින් සිටින බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නොදන්නා පාර්ශ්වයන් සමඟ මුරපද සහ පුද්ගලික තොරතුරු බෙදා ගැනීමෙන් වැළකී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින …

Continue Reading

කෝටි 13ක කුෂ් සහ හෂීෂ් සමඟ ශ්‍රී ලංකිකයින් තිදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට

කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් එම මත්ද්‍රව්‍ය කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර යමින් සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් අද (25) අළුයමදී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් අය අතරින් දෙදෙනෙක් නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයෙක් සහ පෙදරේරුවෙකු වන අතර අනෙක් පුද්ගලයා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බව පොලිසිය පවසයි. …

Continue Reading

බෙන්තොට මුහුදේ ගිලී රුසියන් ජාතික කාන්තාවක් මරුට

බෙන්තොට මුහුදු තීරයේ දිය නෑමට ගිය අවුරුදු 49ක් වූ රුසියන් ජාතික කාන්තාවක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙන්තොට පොලිසිය පවසයි. මියගිය කාන්තාව තවත් විදෙස් ජාතිකයින් පිරිසක් සමඟ මුහුදේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස අනතුරට පත්ව ඇති බව පවසන බෙන්තොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව සඳහන් කරයි.

Continue Reading

Dog Festival 2025 විහාර මහාදේවි උද්‍යානයේ දී

Dog Festival 2025 ඊයේ (24) සහ අද (25) දිනවල කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ දී පැවැත් විණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණේය.

Continue Reading

දිස්ත්‍රික්ක රැසක සවස 02.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (25) දින උදෑසන 05.30 ට නිකුත්කරන ලද නිල කාලගුණ නිවේදනය. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකිය. සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම …

Continue Reading