2026-27 විදුලි අර්බුදය ගැන වි.ම.ඩ.ස කළ විශේෂ හෙළිදරව්ව

Spread the love

2026-2027 දී මතුවනු ඇතැයි අපේක්ෂා කරන විදුලි අර්බුදය වළක්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය පදනමක් දමා ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය Ceylon Electricity Board Engineers’ Union (CEBEU) ප්‍රකාශ කළේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ නායකත්වයේ සහ කළමනාකාරීත්වයේ මෑත කාලීන වෙනස්කම් මීට හේතුව වී ඇති බව ද එම සංගමය වැඩි දුරටත් සහන් කළේය.

පසුගිය වසර දෙක හමාරක කාලය තුළ, හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා යටතේ, ලංවිම දේශපාලනීකරණය නව මට්ටම් කරා ළඟා වූ බව CEBEU අවධාරණය කළේය. සාමාන්‍යයෙන් ජ්‍යෙෂ්ඨත්වය මත පුරවන ලද සාමාන්‍යාධිකාරී (GM) ඇතුළු ප්‍රධාන කළමනාකරණ තනතුරු ඒ වෙනුවට දේශපාලනිකව පත් කරන ලද අතර එය මණ්ඩලයේ ක්‍රියාකාරිත්වයට විශාල පසුබෑමක් ඇති කළ බව ද එම සංගමය පෙන්වා දුන්නේය.

පසුගිය සෙනසුරාදා කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ලංවිම හිටපු සභාපති සහ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ පෙන්වා දුන්නේ මෙම දේශපාලන පත්වීම් මූලික වශයෙන් ව්‍යාපාරික අවශ්‍යතා ඉදිරියට ගෙනයාම ඉලක්ක කරගත් බවයි.

මතභේදාත්මක ද්‍රව ස්වභාවික වායු (LNG) ටෙන්ඩරය ඇතුළු අනවශ්‍ය බලශක්ති ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම සහ පරිසරවේදීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ විරෝධයට මුහුණ දී ඇති උතුරේ Adaniගේ ව්‍යාපාර වැනි මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වැනි උදාහරණ ඔහු උපුටා දැක්වීය.

 

2023-2042 දිගුකාලීන ජනන ව්‍යාප්ති සැලැස්ම (Long-Term Generation Expansion Plan – LTGEP) කෙටුම්පතේ යෝජනා කර ඇති පරිදි පසුගිය වසර දෙකහමාර තුළ කිසිදු මහා පරිමාණ විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වූ බව ද පරාක්‍රමසිංහ අවධාරණය කළේය. ඒ වෙනුවට, මිල අධික, අනවශ්‍ය පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කිහිපයක් පමණක් ඉදිරිපත් කරන ලද අතර, ඒ කිසිවක් විවිධ ගැටලු හේතුවෙන් සාර්ථක වී නොමැත. මෙම ප්‍රවණතා දිගටම පැවතුනහොත් 2026-2027 කාලය තුළ රට විදුලි අර්බුදයකට මුහුණ දිය හැකි බවට ඔහු අනතුරු ඇඟවීය.

මේ අනුව, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ඉහළම බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය සහ නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස ඉංජිනේරු KGRF කොමස්ටර් / Comester පත් කිරීමට රජය විසින් මෑතක දී ගත් තීරණය CEBEU විසින් පිළිගනු ලැබීය.

බුද්ධිය සහ ප්‍රවීණත්වය මත පදනම්ව සිදු කරන ලද මෙම පත්වීම් මගින් පසුගිය වසර කිහිපය තුළ නායකත්ව දෝෂ නිවැරදි කිරීමට, විශේෂයෙන් විදුලි අර්බුදය මඟහරවා ගැනීමට උපකාරී වනු ඇතැයි පරාක්‍රමසිංහ විශ්වාසය පළ කළේය.

නව GM පත්වීම සම්බන්ධයෙන් හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගේ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් CEBEU අවධාරණය කළේ සාමාන්‍යාධිකාරීවරයාගේ භූමිකාව සඳහා අවශ්‍ය නිපුණතාවය සහ පළපුරුද්ද විදුලි ක්ෂේත්‍රයට, විශේෂයෙන් ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම වැනි ක්ෂේත්‍රවල විශේෂිත බවයි.

මේ අතර, නව රජය යටතේ අලුතින් පත් වූ සභාපතිවරයා සහ ඉහළ නිලධාරීන් ඉලක්ක කර ගනිමින් මඩ ප්‍රචාරක ව්‍යාපාරයක් මගින් හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ සහායකයින් නව විදුලිබල මණ්ඩලයේ නායකත්වය යටපත් කිරීමට උත්සාහ කරන බවට ද  CEBEU චෝදනා කළේය.

Related Posts