2022 වසරේ පළමු පනතට කථානායකවරයාගේ සහතිකය
- Editor
- February 15, 2022
- Photo Stories, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (14) පස්වරුවේ සිය සහතිකය සටහන් කළේය.
ඉකුත් 8 වැනිදා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු අතර සංශෝධන සහිතව සම්මත විය.
මෙමගින් 1981 අංක 66 දරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පනතේ දීර්ඝ නාමය “ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පනත” ලෙස වෙනස් වීම ඇතුළු සංශෝධන සිදුවේ.
ඒ අනුව මෙම 2022 අංක 1 දරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (සංශෝධන) පනත ඊයේ ( 14) සිට බලාත්මක වේ.

