2022 විසර්ජන පනත් කෙටුම්පත තෙවැනිවර කියැවීම 2/3 කින් සම්මතයි

Spread the love

විසර්ජන පනත් කෙටුම්පත තෙවැනිවර කියැවීම වැඩි ජන්ද 93 කින් අද (10) සම්මත විය.ඊට පක්ෂව ජන්ද 157 ලැබුණු අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 64 කි.

ජන්ද විමසීම ප.ව 06.05 ට සිදු කෙරුණි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් 2022 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම (අයවැය කථාව) නොවැම්බර් මස 12 වැනි සිකුරාදා සිදු කළ අතර, නොවැම්බර් 13 වැනිදා  සිට  22 වැනිදා දක්වා  දින 07ක් විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්විණ.

විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමද වැඩි ජන්ද 93 කින් ඉකුත් නොවැම්බර් 22 වැනිදා සම්මත විය.ඊට පක්ෂව ජන්ද 153 ලැබුණු අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 60 කි.

නොවැම්බර් 23 වැනිදා කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ වූ අතර, සෙනසුරාදා ද ඇතුළුව අද (දෙසැම්බර් 10) දක්වා දින 16 ක් එම විවාදය පැවැත්විණ.

Related Posts